හොඳයි දැන් අපි වැඩේට බහිමු.කොම්පීතරේ ඔන් වෙන හැම වෙලාවකම අපිට ඕන දේ කියවගන්නයි දැන් අපි හදන්නේ.
මුලින්ම අපි නෝට් පෑඩ් එක ඕපන් කරගන්න ඕන. නෝට් පෑඩ් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ කෝඩ් කැල්ල ඒකට කොපි කරගන්න.
Dim speaks, speech
speaks="Welcome, YOUR NAME"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
හරි දැන් Welcome, YOUR NAME කියල එකක් තියෙන්නේ, ඒක තමයි කොම්පීතරේ ඔන් වෙනකොට කියන්නේ. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඒ වාක්‍ය අයින් කරලා ඔයා කැමති දෙයක් එතන ටයිප් කරන එක. එතකොට ඒක තමා අපිට ඔන් වෙනකොට ඇහෙන්නෙ.
තේරුනේ නැතිනම් පල්ලෙහා තියෙන උදාහරණෙ බලන්නකෝ.
දැන් අපිට ඕනේ ඔන් වෙනකොට මෙන්න මේ විදියට කොම්පීතරේ කියනවා අහන්න , Hello Casper! Welcome Back To Your Computer. Have a nice day කියල. එහෙනම් අපි කරන්න ඕන පහළ පින්තුරයේ තියෙනවා වගේ අපිට ඕන වාක්‍ය අර මම කලින් කිව්ව තැන ටයිප් කරන එක.
හරි එහෙනම් එකත් ඉවරයිනේ, දැන් අපි මේක සේව් කරගන්න ඕන VBS ෆයිල් එකක් විදියට.
ඒකට Save As ගිහිල්ල ෆයිල් නේම් ඒකට Welcome.vbs කියල දෙන්න. Save as type එකට All Files කියල දෙන්න. දැන් ඔයාට මතක හිටින තැනක සේව් කරන්න.
දැන් අපි මේ සේව් කරගත්ත ෆයිල් එක Startup එකට දාන්න ඕනේ. ඒකට Start > All Programs ගිහිල්ල Startup ෆෝල්ඩරේ හොයාගන්න. දැන් ඒක උඩ රයිට් ක්ලික් කරල ඕපන් කරගන්න. හරි එහෙනම් දැන් ඔයා අර සේව් කරගත්ත ෆයිල් එක මේකට කොපි කරගන්න. ඔයා කොම්පීතරේ ඇඩ්මින් විදියට ලොග් වෙලා ඉන්න ඕනේ ඒක කරන්න නම්.
එහෙනම් සේරම වැඩ ටික ඉවරයි. ඔයාලා දැන්කොම්පියුටර් එක රිස්ටාර්ට් කරල බලන්නකෝ ඔයා ටයිප් කරපු එක කියනවද කියලා.
ඔයාට මේක අයින් කරගන්න ඕනේ නම් Startup ෆෝල්ඩර් එකෙන් අර Welcome.vbs කියන එක ඩිලීට් කරන්න.
ඔයාලත් මේකෙන් අලුත් දෙයක් ඉගෙනගත්තා නම් දන්නැති අනිත් අයටත් බලන්න මේක ෂෙයාර් කරන්න හොඳේ. මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් කොමෙන්ට් එකකින් අහන්නත් අමතක කරන්න එපා. අදට මං නවතින්නම්. බුදු සරණයි! දෙවි පිහිටයි!
elakiri bro,thank u
ReplyDeleteකොමෙන්ට් එකට බොහොම ස්තුතියි!
Deleteදිගටම අපිත් එක්ක ඉන්න :)