ඔයාලත් තාම වින්ඩෝස් එක්ස්පී ද භාවිතා කරන්නේ??
හැමදාමත් එකම විදියට දැකල එපා වෙලා ඇතිනේ, ඔන්න එහෙනම් මගෙන් පට්ට ලස්සන තීම් එකක්....
මේක ගොඩක් අය ළඟ දැනටමත් ඇති. කමක් නෑ නැති අය දාගන්නකෝ. මේක දැම්ම කියල ස්ලෝව් වෙන්නේ නෑ. මොකද මේක සොෆ්ට්වෙයා එකක් නෙමෙයි නිසා.
මුලින්ම පහළ ලින්ක් එකට ගිහින් තීම් එක බගන්න්කෝ.
Download Theme
ඊටපස්සේ ඔයා බාගත්ත එක Extract කරගන්න.
දැන් ඔයා Extract කරගත්ත Royal Noir කියන ෆෝල්ඩර් එක ඔයාගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ තියෙන තීම්ස් ෆෝල්ඩර් එකට දාගන්න ඕන.
සාමාන්‍යයෙන් ඒ ෆෝල්ඩර් එක මේ පාත් එකේ ගියාම හොයාගන්න පුළුවන්.
C: > Windows > Resources > Themes
එහෙමත් නැති නම් මේ ඇඩ්රස් එක ඔයාගේ වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එකේ ඇඩ්රස් බාර් එකට පේස්ට් කරලා එන්ටර් ඔබන්න.
C:\WINDOWS\Resources\Themes
හරි දැන් අර තීම් එක තියෙන ෆෝල්ඩර් එක මේ තීම්ස් ෆෝල්ඩර් එකට පේස්ට් කරගන්න. පේස්ට් කරගත්තට පස්සේ Royal Noir ෆෝල්ඩර් එක ඕපන් කරලා ඒක ඇතුලේ තියෙන luna කියන තීම් ෆයිල් එක ඕපන් කරන්න.
ඊටපස්සේ ඩිස්ප්ලේ ප්‍රොපටීස් වින්ඩෝ එක ඕපන් වෙයි තීම් එක සෙලෙක්ට් වෙලා. දැන් ඔයා කැමති විදියට සෙටින්ග්ස් වෙනස් කරලා තීම් එක ඇප්ලයි කරලා බලන්න කොහොමද කියල :D :)
මං පහළින් Screenshot ටිකකුත් දැම්මා. බලන්න හොඳද කියලා :P
0 comments:
Post a Comment