Showing posts with label අලුත් වැඩ. Show all posts
Showing posts with label අලුත් වැඩ. Show all posts

Wednesday, February 5, 2014


අද මාතෘකාව නම් අපේ ගොඩක් අයියලට වැදගත් වෙන එකක් ;)
අපි හැමෝටම ඉතින් වෙන අයට පෙන්නන්න බැරි හංගල තියාගන්න ඕන දේවල් තියෙනවනේ. ඉතින් ගොඩක් කට්ටිය පාවිච්චි කරන කොම්පුටරයක් නම් අනිවා හංගන්න වෙනවා. ඉතින් මේකට ඕන තරම් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා දැකල ඇති. ඒත් අද මම කියල දෙන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව අපේ පෞද්ගලික දේවල් ලොක් කරලා හංගන්නේ කොහොමද කියලා.

මේක නම් බොහෝ දෙනෙක් දන්නා ක්‍රමයක්. ඒත් දන්නැති අයත් ඕනෑ තරම් ඉන්නවනේ. ඒ නිසා එයාලට තමා මේක දන්නේ. නැත්තම් ඉතින් කස්ටිය කියයි එළකිරි එකෙන් ඉස්සුවයි, මීකිරි එකෙන් ඉස්සුවයි , අහවල් එකෙන් ඉස්සුවයි කියලා :P :P

හරි  එහෙනම් අපි පටන් ගම්මු.
මුලින්ම ඔයාලට අලුතෙන් ෆෝල්ඩර් එකක් හදාගන්න වෙනවා. මොකද අපිට ලොක් කරලා හංගන්න ඕනෑ ෆයිල්ස් සේරම දාන්න වෙන්නෙ එක ෆෝල්ඩර් එකක් ඇතුළට නිසා.
ඒක නිසා ඉස්සෙල්ලම අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්න.
දැන් ඒක ඇතුලේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් (Text Document) එකක් හදාගන්න.
හරි... දැන් ඒක ඕපන් කරලා මේ කෝඩ් ඒක ඒකට කොපි කරගන්න.


cls

@ECHO OFF

title Folder Private

if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK

if NOT EXIST Private goto MDLOCKER

:CONFIRM

echo Are you sure you want to lock the folder(Y/N)

set/p "cho=>"

if %cho%==Y goto LOCK

if %cho%==y goto LOCK

if %cho%==n goto END

if %cho%==N goto END

echo Invalid choice.

goto CONFIRM

:LOCK

ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

echo Folder locked

goto End

:UNLOCK

echo Enter password to unlock folder

set/p "pass=>"

if NOT %pass%== YOUR PASSWORD goto FAIL

attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private

echo Folder Unlocked successfully

goto End

:FAIL

echo Invalid password

goto end

:MDLOCKER

md Private

echo Private created successfully

goto End

:End
ඊටපස්සේ YOUR PASSWORD කියන එක අයින් කරලා ඔයා කැමති පාස්වර්ඩ් එකක් එතනට දාගන්න.
දැන් අපි මේක සේව් කරගන්න ඕනේ. ඒකට Save as ගිහින් ෆයිල් නේම් එක locker.bat ලෙසත් ෆයිල් ටයිප් එක All files ලෙසත් දීල අර හදපු ෆෝල්ඩර් එක ඇතුලෙම සේව් කරගන්න.

හරි දැන් ඔයාල අර හදාගත්ත locker.bat කියන එක ඕපන් කරන්න. ඒක ඕපන් උනාට පස්සේ එහාපැත්තෙන් Private කියලා අලුත් ෆෝල්ඩර් එකක් හැදෙයි.
දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුළට ඔයාලට හංගන්න ඕන දේවල් සේරම දාගන්න. දාල ඉවර උනාට පස්සේ ආපහු locker.bat කියන එක ඕපන් කරන්න. එතකොට ඒක ඔයාලගෙන් අහයි සේව් කරන්න ඕනද කියලා. ඒකට Y අකුර ඔබල එන්ටර් කරන්න.
ඔන්න එහෙනම් වැඩේ හරි! දැන් ඔයාලගේ ඩේටා දාපු අර Private ෆෝල්ඩර් එක අතුරුදහන් වෙලා ඇති. ආයි ඉතින් ඒක කාටවත් හොයාගන්න බෑ :D

දැන් හැංගුවා වගේ නෙමෙයිනේ ආපහු අවශ්‍ය වෙලාවට ඒවා ගන්නත් එපැයි. ඉතින් ඒකට ආපහු locker.bat කියන එක ඕපන් කරන්න. ඔන්න එතකොට ඔයාලගෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලයි. ඔයාල මුලින් දීපු පාස්වර්ඩ් එක ගහලා එන්ටර් ඔබන්න. දැන් ආපහු අර හංගල ලොක් කරපු ෆෝල්ඩර් එක මතු වෙලා ඇති.
කොහොමද වැඩේ?? :D

අහ්හ් තව දෙයක් අමතක උනා. ෆෝල්ඩර් එක හැංගුවට locker.bat ෆයිල් එක එලියෙනේ.. ඉතින් වෙන කෙනෙක්ට පුළුවන් ඒක නෝට් පෑඩ් එකෙන් ඕපන් කරලා පාස්වර්ඩ් එක හොයාගන්න. ඒක නිසා ලොක් කරාට පස්සේ locker.bat කියන එකත් හයිඩ් කරන්න අමතක කරන්නෙපා හොඳද??

එහෙනම් මං ගියා... තවත්මේ වගේ වැඩ කැල්ලක් එක්ක මුණ ගැහෙමුකෝ.... Byee :D :D

Sunday, February 2, 2014

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට වැදගත් දෙයක් අරගෙන අවා. ඔයාල දන්නවා ඇතිනේ සමහරක් වෛරස් තියෙනවා අපේ පෙන් එකට ගිහිල්ල ඒකෙ තියෙන ෆයිල්ස් හංගනවා. ඉතින් එහෙම ෆයිල්ස් හිඩ්න් උනොත් අපහු ඒවා ගන්න ගොඩක් අය දන්නේ නෑ. මොකද ඒවා අපි නිකන් හිඩ්න් ෆයිල්ස් ගන්නවා වගේ ගන්න බැරි නිසා.
ඉතින් අද මම ඔයාලට කියා දෙන්නම් කොහොමද එහෙම හැංගුණ ෆයිල්ස් අපහු ගන්නේ කියල.

මුලින්ම Start > All Programs > Accessories ගිහින් Run කියන එක ඕපන් කරගන්න. Windows XP භාවිතා කරන යාලුවොන්ට නම් Start මෙනු එක ඕපන් කරගත්ත ගමන් ඒක හොයාගන්න පුළුවන්.
දැන් ඒකෙ cmd කියල ටයිප් කරලා එන්ටර් ඔබන්න. Windows 7 භාවිතා කරන අයට කෙලින්ම සර්ච් කරලත් ගන්න පුළුවන් ඒක නම්.



හරි දැන් ඔයා පෙන් එක ගහලා ඒකෙ ලිපිනය, එහෙම නැතිනම් ඇඩ්රස් එක හොයාගන්න ඕන. ඒක මයි කොම්පුටර් ඕපන් කරාම බලාගන්න පුළුවන්. මගේ එකේ නම් F: ඩ්‍රයිව් එක තමා පෙන් එක. ඔයාලගේ කොම්පියුටර් එකේ D: / E: / F: හෝ වෙනත් නමක් විය හැකියි.



ඊටපස්සේ ඔයා ඒ ඇඩ්රස් එක cmd එකේ ටයිප් කරලා එන්ටර් ඔබන්න ඕන. එතකොට පහළ පින්තූරයේ තියෙන විදියට ලැබෙයි.



එහෙනම් දැන් ඔයාට කරන්න තියෙන්නේමම පහලින් දීල තියෙන කෝඩ් එක ගහලා එන්ටර් කරන එක. ඒක මං ටයිප් කරලා තියෙන විදියටම ස්පේස් එක්ක හරියට ගහගන්න.

attrib -s -h /s /d *.*

ඔයා හරියට කරා නම් ටික වෙලාවකින් මේ විදියට පෙනෙයි.
 

දැන් ඔයාගේ පෙන් එක ඕපන් කරලා බලන්නකෝ අර නැති වෙච්ච ෆයිල්ස් ඇවිල්ල තියෙනවද කියල :D
එහෙනම් අදට ගියා ඈ... ආයෙමත් මේ වගේ පෝස්ටුවකින් හමුවෙමුකො.
කොමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා. Byee :D :D :)

Saturday, February 1, 2014




ඔන්න යාලුවනේ මම දැන් දෙන්න යන්නේ අපි හැමෝම භාවිතා කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැඟවිලා තියෙන වැඩ කෑල්ලක් එලියට ගන්න හැටි. මේක ගොඩක් අය දන්න දෙයක් නමුත් නොදන්නා බොහෝ පිරිසකුත් ඉන්න නිසා ඒ හැමෝටම දැනගන්නත් එක්ක මං මේක ගැන කියල දෙන්නම්.

හොඳයි දැන් අපි වැඩේට බහිමු.කොම්පීතරේ ඔන් වෙන හැම වෙලාවකම අපිට ඕන දේ කියවගන්නයි දැන් අපි හදන්නේ.
මුලින්ම අපි නෝට් පෑඩ් එක ඕපන් කරගන්න ඕන. නෝට් පෑඩ් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ කෝඩ් කැල්ල ඒකට කොපි කරගන්න.

Dim speaks, speech
speaks="Welcome, YOUR NAME"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

හරි  දැන් Welcome, YOUR NAME කියල එකක් තියෙන්නේ, ඒක තමයි කොම්පීතරේ ඔන් වෙනකොට කියන්නේ. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ ඒ වාක්‍ය අයින් කරලා ඔයා කැමති දෙයක් එතන ටයිප් කරන එක. එතකොට ඒක තමා අපිට ඔන් වෙනකොට ඇහෙන්නෙ.

තේරුනේ නැතිනම් පල්ලෙහා තියෙන උදාහරණෙ බලන්නකෝ.
දැන් අපිට ඕනේ ඔන් වෙනකොට මෙන්න මේ විදියට කොම්පීතරේ කියනවා අහන්න , Hello Casper! Welcome Back To Your Computer. Have a nice day කියල. එහෙනම් අපි කරන්න ඕන පහළ පින්තුරයේ තියෙනවා වගේ අපිට ඕන වාක්‍ය අර මම කලින් කිව්ව තැන ටයිප් කරන එක.


හරි එහෙනම් එකත් ඉවරයිනේ, දැන් අපි මේක සේව් කරගන්න ඕන VBS ෆයිල් එකක් විදියට.
ඒකට Save As ගිහිල්ල ෆයිල් නේම් ඒකට  Welcome.vbs කියල දෙන්න. Save as type එකට All Files කියල දෙන්න. දැන් ඔයාට මතක හිටින තැනක සේව් කරන්න.

දැන් අපි මේ සේව් කරගත්ත ෆයිල් එක Startup එකට දාන්න ඕනේ. ඒකට Start > All Programs ගිහිල්ල Startup ෆෝල්ඩරේ හොයාගන්න. දැන් ඒක උඩ රයිට්‌ ක්ලික් කරල ඕපන් කරගන්න. හරි එහෙනම් දැන් ඔයා අර සේව් කරගත්ත ෆයිල් එක මේකට කොපි කරගන්න. ඔයා කොම්පීතරේ ඇඩ්මින් විදියට ලොග් වෙලා ඉන්න ඕනේ ඒක කරන්න නම්.

එහෙනම් සේරම වැඩ ටික ඉවරයි. ඔයාලා දැන්කොම්පියුටර් එක රිස්ටාර්ට් කරල බලන්නකෝ ඔයා ටයිප් කරපු එක කියනවද කියලා.
ඔයාට මේක අයින් කරගන්න ඕනේ නම් Startup ෆෝල්ඩර් එකෙන් අර Welcome.vbs කියන එක ඩිලීට් කරන්න.

ඔයාලත් මේකෙන් අලුත් දෙයක් ඉගෙනගත්තා නම් දන්නැති අනිත් අයටත් බලන්න මේක ෂෙයාර් කරන්න හොඳේ. මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් කොමෙන්ට් එකකින් අහන්නත් අමතක කරන්න එපා. අදට මං නවතින්නම්. බුදු සරණයි! දෙවි පිහිටයි!
Subscribe to RSS Feed Follow me on Twitter!