Wednesday, February 5, 2014


අද මාතෘකාව නම් අපේ ගොඩක් අයියලට වැදගත් වෙන එකක් ;)
අපි හැමෝටම ඉතින් වෙන අයට පෙන්නන්න බැරි හංගල තියාගන්න ඕන දේවල් තියෙනවනේ. ඉතින් ගොඩක් කට්ටිය පාවිච්චි කරන කොම්පුටරයක් නම් අනිවා හංගන්න වෙනවා. ඉතින් මේකට ඕන තරම් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා දැකල ඇති. ඒත් අද මම කියල දෙන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව අපේ පෞද්ගලික දේවල් ලොක් කරලා හංගන්නේ කොහොමද කියලා.

මේක නම් බොහෝ දෙනෙක් දන්නා ක්‍රමයක්. ඒත් දන්නැති අයත් ඕනෑ තරම් ඉන්නවනේ. ඒ නිසා එයාලට තමා මේක දන්නේ. නැත්තම් ඉතින් කස්ටිය කියයි එළකිරි එකෙන් ඉස්සුවයි, මීකිරි එකෙන් ඉස්සුවයි , අහවල් එකෙන් ඉස්සුවයි කියලා :P :P

හරි  එහෙනම් අපි පටන් ගම්මු.
මුලින්ම ඔයාලට අලුතෙන් ෆෝල්ඩර් එකක් හදාගන්න වෙනවා. මොකද අපිට ලොක් කරලා හංගන්න ඕනෑ ෆයිල්ස් සේරම දාන්න වෙන්නෙ එක ෆෝල්ඩර් එකක් ඇතුළට නිසා.
ඒක නිසා ඉස්සෙල්ලම අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්න.
දැන් ඒක ඇතුලේ ටෙක්ස්ට් ඩොකියුමන්ට් (Text Document) එකක් හදාගන්න.
හරි... දැන් ඒක ඕපන් කරලා මේ කෝඩ් ඒක ඒකට කොපි කරගන්න.


cls

@ECHO OFF

title Folder Private

if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK

if NOT EXIST Private goto MDLOCKER

:CONFIRM

echo Are you sure you want to lock the folder(Y/N)

set/p "cho=>"

if %cho%==Y goto LOCK

if %cho%==y goto LOCK

if %cho%==n goto END

if %cho%==N goto END

echo Invalid choice.

goto CONFIRM

:LOCK

ren Private "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

echo Folder locked

goto End

:UNLOCK

echo Enter password to unlock folder

set/p "pass=>"

if NOT %pass%== YOUR PASSWORD goto FAIL

attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Private

echo Folder Unlocked successfully

goto End

:FAIL

echo Invalid password

goto end

:MDLOCKER

md Private

echo Private created successfully

goto End

:End
ඊටපස්සේ YOUR PASSWORD කියන එක අයින් කරලා ඔයා කැමති පාස්වර්ඩ් එකක් එතනට දාගන්න.
දැන් අපි මේක සේව් කරගන්න ඕනේ. ඒකට Save as ගිහින් ෆයිල් නේම් එක locker.bat ලෙසත් ෆයිල් ටයිප් එක All files ලෙසත් දීල අර හදපු ෆෝල්ඩර් එක ඇතුලෙම සේව් කරගන්න.

හරි දැන් ඔයාල අර හදාගත්ත locker.bat කියන එක ඕපන් කරන්න. ඒක ඕපන් උනාට පස්සේ එහාපැත්තෙන් Private කියලා අලුත් ෆෝල්ඩර් එකක් හැදෙයි.
දැන් ඒ ෆෝල්ඩර් එක ඇතුළට ඔයාලට හංගන්න ඕන දේවල් සේරම දාගන්න. දාල ඉවර උනාට පස්සේ ආපහු locker.bat කියන එක ඕපන් කරන්න. එතකොට ඒක ඔයාලගෙන් අහයි සේව් කරන්න ඕනද කියලා. ඒකට Y අකුර ඔබල එන්ටර් කරන්න.
ඔන්න එහෙනම් වැඩේ හරි! දැන් ඔයාලගේ ඩේටා දාපු අර Private ෆෝල්ඩර් එක අතුරුදහන් වෙලා ඇති. ආයි ඉතින් ඒක කාටවත් හොයාගන්න බෑ :D

දැන් හැංගුවා වගේ නෙමෙයිනේ ආපහු අවශ්‍ය වෙලාවට ඒවා ගන්නත් එපැයි. ඉතින් ඒකට ආපහු locker.bat කියන එක ඕපන් කරන්න. ඔන්න එතකොට ඔයාලගෙන් පාස්වර්ඩ් එකක් ඉල්ලයි. ඔයාල මුලින් දීපු පාස්වර්ඩ් එක ගහලා එන්ටර් ඔබන්න. දැන් ආපහු අර හංගල ලොක් කරපු ෆෝල්ඩර් එක මතු වෙලා ඇති.
කොහොමද වැඩේ?? :D

අහ්හ් තව දෙයක් අමතක උනා. ෆෝල්ඩර් එක හැංගුවට locker.bat ෆයිල් එක එලියෙනේ.. ඉතින් වෙන කෙනෙක්ට පුළුවන් ඒක නෝට් පෑඩ් එකෙන් ඕපන් කරලා පාස්වර්ඩ් එක හොයාගන්න. ඒක නිසා ලොක් කරාට පස්සේ locker.bat කියන එකත් හයිඩ් කරන්න අමතක කරන්නෙපා හොඳද??

එහෙනම් මං ගියා... තවත්මේ වගේ වැඩ කැල්ලක් එක්ක මුණ ගැහෙමුකෝ.... Byee :D :D

Tuesday, February 4, 2014


ඔන්න යාලුවනේ අදත් මං ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් අරන් අවා. Windows 7 Loader, එහෙමත් නැතිනම් හොර කොපි එකක් ඔරිගිනල් කරන සොෆ්ට්වෙයා එකක්. මේක හැමෝම වගේ දන්නවා නමුත් ඉන්ටර්නෙට් එකේ වැඩ කරන හරි එකක් හොයාගන්න ගියාම පන යනවා. මොකද මාත් මේක හොයන්න හෙන කට්ටක් කෑවා. ගූගල් සර්ච් කරලා එන ගොඩක් ඒවා වැඩ නෑ. එක්කෝ බාගන්න වටේ යවනවා නැත්තම් වයිරස් එකක්.
ඒක නිසා මෙන්න මගේ ළඟ තියෙන ලෝඩර් එක. මේක 100% වැඩ කරනවා. මාත් ටෙස්ට් කරලා බැලුවා. බලන්න ඔයාලගෙත් වැඩ කරනවද කියලා.

හරි එහෙනම් පල්ලෙහා ලින්ක් එකෙන් බාගෙන අන්සිප් කරගන්නකෝ....

Download Windows 7 Loader


අන්සිප් කරගත්තට පස්සේ ඒ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ලෝඩර් එක ඉන්ස්ටෝල් කරගන්න. ඒක ඉතින් කියාදෙන්න ඕනේ නෑනේ. සාමාන්‍ය විදියටම ඩබල් කිලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඒක ඉවර උනාට පස්සේ ඔයාගේ කොම්පියුටර් එක රිස්ටාර්ට් කරන්න කියයි. කොම්පියුටර් එක රිස්ටාර්ට් කරලා බලන්න ඔයාගේ වින්ඩෝස් ඇක්ටිවේට් වෙලාද කියලා.

හදිස්සියෙවත් ඔයාගේ කොම්පියුටරේ ඔන් වෙන්නැතුව NTLDR Missing හරි Boot Manager Missing කියල එරර් එකක් අවොත් මෙහෙම කරන්න.

කොම්පියුටර් එක වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා තියෙන ඩ්‍රයිව් එකෙන් බූට්‌ කරන්න.
ඊටපස්සේ  Repair Your Computer කියන එක සිලෙක්ට් කරන්න.
දැන් Command Prompt කියන එක සෙලෙක්ට් කරන්න.
Command Prompt එක ඕපන් උනාට පස්සේ එකේ මෙන්න මේ කෝඩ් එක ගහලා එන්ටර් කරන්න.

   bootsect.exe /nt60 SYS /force
දැන් කොම්පියුටර් එක රිස්ටාර්ට් කරන්න.


මොනා හරි ගැටළුවක් අවොත් කියන්න..
එහෙනම් මං ගියාවේ ඈ ....... :D

Sunday, February 2, 2014




ඔයාලත් තාම වින්ඩෝස් එක්ස්පී ද භාවිතා කරන්නේ??
හැමදාමත් එකම විදියට දැකල එපා වෙලා ඇතිනේ, ඔන්න එහෙනම් මගෙන් පට්ට ලස්සන තීම් එකක්....
මේක  ගොඩක් අය ළඟ දැනටමත් ඇති. කමක් නෑ නැති අය දාගන්නකෝ. මේක දැම්ම කියල ස්ලෝව් වෙන්නේ නෑ. මොකද මේක සොෆ්ට්වෙයා එකක් නෙමෙයි නිසා.

මුලින්ම පහළ  ලින්ක් එකට ගිහින් තීම් එක බගන්න්කෝ.

Download Theme


ඊටපස්සේ ඔයා බාගත්ත එක Extract කරගන්න.
දැන් ඔයා Extract කරගත්ත Royal Noir කියන ෆෝල්ඩර් එක ඔයාගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ තියෙන තීම්ස් ෆෝල්ඩර් එකට දාගන්න ඕන.
සාමාන්‍යයෙන්  ඒ ෆෝල්ඩර් එක මේ පාත් එකේ ගියාම හොයාගන්න පුළුවන්.
C: > Windows > Resources > Themes
එහෙමත් නැති නම් මේ ඇඩ්රස් එක ඔයාගේ වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එකේ ඇඩ්රස් බාර් එකට පේස්ට් කරලා එන්ටර් ඔබන්න.
C:\WINDOWS\Resources\Themes

හරි දැන් අර තීම් එක තියෙන ෆෝල්ඩර් එක මේ තීම්ස් ෆෝල්ඩර් එකට පේස්ට් කරගන්න. පේස්ට් කරගත්තට පස්සේ Royal Noir ෆෝල්ඩර් එක ඕපන් කරලා ඒක ඇතුලේ තියෙන luna කියන තීම් ෆයිල් එක ඕපන් කරන්න. 
ඊටපස්සේ ඩිස්ප්ලේ ප්‍රොපටීස් වින්ඩෝ එක  ඕපන් වෙයි තීම් එක සෙලෙක්ට් වෙලා. දැන් ඔයා කැමති විදියට සෙටින්ග්ස් වෙනස් කරලා තීම් එක ඇප්ලයි කරලා බලන්න කොහොමද කියල :D :)


මං පහළින් Screenshot ටිකකුත් දැම්මා. බලන්න හොඳද කියලා :P






හලෝ කොහොමද යාලුවනේ??
අද මං අරන් අවා බ්ලොග් කරන අයට පොඩි විජට් කෑල්ලක්. පාවෙන ට්විටර් ෆලොව් බැජ් එකක් තමා මේක. මං මේක දාගන්න හැටි ඔයාලට කියල දෙන්නම්.
එච්චර අමාරුවක් නැ පට්ට ලේසියි :D

මුලින්ම මං දෙන මේ සයිට් එකට යන්නකෝ

මෙතන ඔබන්න........

 

හරි දැන් ඔයාට තියෙන්නේ ඔයා කැමති විදියකට ඔයාගේ බැජ් එක හදාගන්න එක.
ඊටපස්සේ Update Code කියන එක ඔබන්න. එතකොට පල්ලෙහා බොක්ස් එකේ තියෙන කෝඩ් එක ඔයා හදාගත්ත බැජ් එකට හරියන විදියට වෙනස් වෙයි.
දැන් ඒක කොපි කරගන්න. 


කොපිගරගත්තට පස්සේ ඔයාගේ බ්ලොගර් එකට ගිහිල්ල Layout > Add a gadget > HTML/Java Script කියන එක අරගෙන ඒකට පේස්ට් කරගන්න.
දැන් සේව් කරලා බලන්නකෝ ඔයාගේ ට්විටර් ෆලොව් බැජ් එක කොහොමද කියල.
එහෙනම් මං ගියාවේ......
ඔන්න යාලුවනේ අදත් මම ඔයාලට වැදගත් දෙයක් අරගෙන අවා. ඔයාල දන්නවා ඇතිනේ සමහරක් වෛරස් තියෙනවා අපේ පෙන් එකට ගිහිල්ල ඒකෙ තියෙන ෆයිල්ස් හංගනවා. ඉතින් එහෙම ෆයිල්ස් හිඩ්න් උනොත් අපහු ඒවා ගන්න ගොඩක් අය දන්නේ නෑ. මොකද ඒවා අපි නිකන් හිඩ්න් ෆයිල්ස් ගන්නවා වගේ ගන්න බැරි නිසා.
ඉතින් අද මම ඔයාලට කියා දෙන්නම් කොහොමද එහෙම හැංගුණ ෆයිල්ස් අපහු ගන්නේ කියල.

මුලින්ම Start > All Programs > Accessories ගිහින් Run කියන එක ඕපන් කරගන්න. Windows XP භාවිතා කරන යාලුවොන්ට නම් Start මෙනු එක ඕපන් කරගත්ත ගමන් ඒක හොයාගන්න පුළුවන්.
දැන් ඒකෙ cmd කියල ටයිප් කරලා එන්ටර් ඔබන්න. Windows 7 භාවිතා කරන අයට කෙලින්ම සර්ච් කරලත් ගන්න පුළුවන් ඒක නම්.



හරි දැන් ඔයා පෙන් එක ගහලා ඒකෙ ලිපිනය, එහෙම නැතිනම් ඇඩ්රස් එක හොයාගන්න ඕන. ඒක මයි කොම්පුටර් ඕපන් කරාම බලාගන්න පුළුවන්. මගේ එකේ නම් F: ඩ්‍රයිව් එක තමා පෙන් එක. ඔයාලගේ කොම්පියුටර් එකේ D: / E: / F: හෝ වෙනත් නමක් විය හැකියි.



ඊටපස්සේ ඔයා ඒ ඇඩ්රස් එක cmd එකේ ටයිප් කරලා එන්ටර් ඔබන්න ඕන. එතකොට පහළ පින්තූරයේ තියෙන විදියට ලැබෙයි.



එහෙනම් දැන් ඔයාට කරන්න තියෙන්නේමම පහලින් දීල තියෙන කෝඩ් එක ගහලා එන්ටර් කරන එක. ඒක මං ටයිප් කරලා තියෙන විදියටම ස්පේස් එක්ක හරියට ගහගන්න.

attrib -s -h /s /d *.*

ඔයා හරියට කරා නම් ටික වෙලාවකින් මේ විදියට පෙනෙයි.
 

දැන් ඔයාගේ පෙන් එක ඕපන් කරලා බලන්නකෝ අර නැති වෙච්ච ෆයිල්ස් ඇවිල්ල තියෙනවද කියල :D
එහෙනම් අදට ගියා ඈ... ආයෙමත් මේ වගේ පෝස්ටුවකින් හමුවෙමුකො.
කොමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා. Byee :D :D :)
Subscribe to RSS Feed Follow me on Twitter!